80 දශකයේ දී ලංකාවේ උතුරු පළාතේ යුද්ධයේ මනෝවිද්‍යාත්මක ගතිකත්වය නිරූපණය කරමින්, මනෝ - සමාජීය මානයක් ගෙන ආ ප්‍රථම නාට්‍යකරුවා කුලංදෛ එම්. ශමුගලිංගම් ය. යාපනය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය සිසුන් විසින් ශණ්මුගලිංගම් සමඟ එක්ව සමාජීය දිශානතියක් ගත් නාට්‍යයක් සෑම වසරකම නිෂ්පාදනය කෙරිණ. අනෛ ඉට්ට තී නාට්‍ය යුද්ධයෙහි වීරත්වය අවධාරණය කරනවා වෙනුවට එහි නිසරු බව ඉස්මතු කර පෙන්වීමට ගත් වෑයමකි. මෙම නාට්‍ය පොදු ජනයා තුළ ක්ෂණික සාමාජීය ආන්දෝලනයක් ඇති කරමින්, සහකම්පිත ප්‍රතිචාර රැගෙන ඒමට සමත් විය.
මහාචාර්ය දයා සෝමසුන්දරම්